hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 02, පෙ.ව. 8:55



මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජේෂ්ඨ ඇමැතිවරයෙකු ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු රැසක් මේ සඳහා මුල් වී සිටින බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මෙහෙයුම ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු භාරගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරය දරද්දී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගෙන ඇතැයි ද වාර්තා වනවා.

මේ අතර ආණ්ඩුවේ සිටින කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීගෙන් වැඩිදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: