hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 10:21



ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ධූරයට පත් කිරීම ගැන කිසිදු වරදක් නොමැති බවත් ඊලඟට එන මැතිවරණය කුමක්ද යන්න නොදන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස සුදුසුම හොඳම පියවර ගැනීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (03) රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකදීයි.

බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ කිසිදු තීරණයක්  පොදුජන පෙරමුණ ගෙන නොමැති බව එම පක්ෂයේ ප්‍රධානියකු පැවැසීය.

මේ අතර මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ නම් කර ඇති බවට වෙනත් දේශපාලන පක්ෂ සාමාජිකයකු පදනම් විරහිත ප්‍රකාශයක් සිදු කර ඇති බවද එහි කිසිදු සත්‍යයක් නැතැයි ද එම පක්යේ ආරංචි මාර්ග පැවසුවා.

පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුව නැති බවද එය පක්ෂයේ නායකයා සහ පක්ෂයේ සියලු සාමාජිකයන් එක් වී ගන්නා තීරණයක් බවද එම ආරංචි මාර්ග කියා සිටියා.

කෙසේ වෙතත්  ආණ්ඩුවේ සිටින කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීගෙන් වැඩිදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: