hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:56



ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කටයුතු කරන අතර වැඩි ම මුදලක් වැය කරන අමාත්‍යංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට තම රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව අදාළ වාර්තා භාෂා තුනෙන් ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (08) අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් 2023 වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා ඇති බව වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවා.

ආරක්‍ෂක අමාත්‍යංශය ශ්‍රී ලංකාව සඳහා වන දීර්ඝ කාලීන ආරක්‍ෂක ප්‍රතිපත්තියක් මත කටයුතු කරනු ඇති අතර, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී අනෙකුත් අමාත්‍යංශ ද ජාතික ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති රාමුව තුළ විශාල රික්තයක් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය සඳහා සැලකිය යුතු අඩුපාඩුවක් බව පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුව විසින් ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කරනු ලැබ ඇති අතර එම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ බලය බෙදීම ද සිදුවිය හැකි බව අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: