hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:32



ලබන වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය-වැය හෝ විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා.

පොහොට්ටුවේ ඇතැම් කණ්ඩායම් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල පිළිබඳව විවේචනය කරමින් අයවැය පරද්දන බව පවසා කෙසේ හෝ ඇමති පට්ටම් කිහිපයක් ලබා ගැනීමට ජනාධිපතිවරයාව බිත්තියට හේත්තු කිරීමට පටන් ගෙන තිබීම මිට හේතුව වී තිබෙන බවද වාර්තාවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාර්ශ්ව පෙන්වා දෙන්නේ එවැනි බලපෑම් වලට ඔහු කිසිදා හසු නොනවන බවයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවැනි වර කියැවීමේදී අයවැය පරාජයට පත් නොකර කාරක සභා අවස්ථාවේ අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කළහොත් එහිදීද කිසිදු වගවිභාගයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුව සූදානමින් සිටින සිටින බවයි.

යම් ලෙසකින් එවැනි තත්වයක් උද්ගතවුවහොත් පොහොට්ටුවේ දැනට පවතින බහුතර බලයද ඔවුන්ට අහිමි වීමට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: