hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 16, පෙ.ව. 10:23



රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවා.

මෙය සියලු පක්ෂ නායකයින් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද ඇය ප්‍රකාශ කළා.

මහනුවර දී ඊයේ (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව කීවා.

මේ මොහොතේ රනිල් සජිත් එක්ව ගමනක් යායුතු බවට ජනතාව වෙතින් යෝජනා ඉදිරිපත් වන බවත් එම යෝජනා සාධාරණ බව තමන්ද අනුමත කරන බවත් කවිරත්න මහත්මිය පැවසුවා.

එජාපය හා සමගි ජනබලවේගය එකතු වීමට වඩා සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම වැදගත් බව ද ඇය ප්‍රකාශ කළා.

රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙදෙනා තුළම හොඳ නරක තිබෙන බවත් එලෙසින්ම සෙසු පක්ෂ නායකයින් තුළද එම ලක්ෂණය දැකිය හැකි බවත් කී මන්ත්‍රීවරිය ජාති, ආගම් හා පක්ෂ ලෙස බෙදී වෙන් නොවී ඉදිරි වසර 25ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යෑමේ ජාතික සැළසුමක් රටට අවශ්යය යැයි ද අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: