hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 3:32



ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පසුගිය සතියේ රැස්වී තිබුණා.

සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක්වුණේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

එහිදී මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ගණනාවක්ම කතා කර ඇත්තේ නොසතුටින් බවයි ආරංචි මාර්ග පැවසූවේ.

එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ නිවාසවලට වන්දි ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වී ඇති බවයි.

ඊට පිළිතුරු දීමට ජනාධිපති නීති අංශයේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතාද එම රැස්වීමට කැඳවා තිබූ අතර ඔහු දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ වන්දි ගෙවීමේ කටයුතු ප්‍රමාද වූයේ තක්සේරු වාර්තා වල තිබෙන ගැටලු හේතුවෙන් බව යි.

වර්තමාන මිල ගණන් අනුව තක්සේරු දෙපාර්තමේන්තුව ඒවා ඇස්තමේන්තු කරමින් තිබෙන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාරේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා එහිදී ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සඳහන් කර ඇත්තේ ”‍ අපේ ගෙවල් ගිනි තියලා දැන් මාස හත අටක් ගියා. අපට ඉන්න තැනක් නෑ. අපි අනුන්ගේ ගෙවල්වල ඉන්නේ එහෙම තියෙද්දී අපි ඡන්ද ඉල්ලා ගෙන්ගෙට යන්නේ කොහොමද? මන්ත්‍රීතුමා ඔබතුමාගේ ගේවත් හදාගන්න බැරි ඔබතුමා අපට උදව් කරන්නෙ කොහොමද කියලා මිනිස්සු අපෙන් අහනවා. ආයෙ දේශපාලනය කරන්නෙත් නෑ. එපා වෙලා තියෙන්නෙ. ගෙවල් ගිනි තියද්දී පොලිසිය බලාහිටියා. තාම මොකුත් වෙලා නෑ,

ඔහු අවධාරණය කර ඇත්තේ තමා බරපතළ ලෙස කලකිරීමට පත්ව සිටින බවයි.

විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා ද මේ පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. “අපට වෙච්ච අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නෑ .අපට ඉන්න තැනක් නෑ. අපේ ගෙවල් ගිනි තිබ්බා. එහෙම කරපු අය අත්අඩංගුවට ගත්තෙත් නෑ. මේක අපේ ආණ්ඩුවකුත් නෙමෙයි කියලා අපිට පේනවා’’ යැයි කියමින් ඔහු කතා කරන ගමන්ම පිටව ගොස් ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: