hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 1:01



කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරය නිමකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණිමත් සමඟ ඇමති තනතුරු බලාපොරොත්තු වන පිරිස සහ සංශෝධනය වේ යැයි කතාබහට ලක්වන විෂයන් භාර ඇමතිවරුන් ජනාධිපති කාර්ය මණ්ඩලයේ පිරිස් ඇමතීමට පටන් ගෙන ඇති බව වාර්තාවේ.

අද උදෑසන 08.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස EK-650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.

ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 15 සහ 16 යන දෙදින කියුබාවේ හවානා නුවර පැවති ජී- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ අතර අනතුරුව අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: