hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:17



රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර  4570 ක් නිකුත් කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා.

වර්ග 25 ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදී ඇතැයි පැවසූ සියඹලාපිටිය මහතා මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538 ක්  මෑත භාගයේ නිකුත් කෙරුණු බවද සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර ස්ටිකරය සැක සහිත මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) 43776 ක්  ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම නීති විරෝධී ක්‍රියාව වෙනුවෙන් කෝටි පහකට වැඩි දඩ මුදලක් නියම කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

රජය මත්පැන් ප්‍රවර්ධනය නොකරන බවත්  සියයට 75 ක බදු අය කරන්නේ ඒ නිසා බවත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

මේ අතර මත්පැන් බලපත්‍ර සංචාරක කලාපවලට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: