hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 07, පෙ.ව. 11:28



“අදින් පස්සේ මාව අයින් කරයි ඒකට කමක් නෑ. මම කියන දේ කෙළින් කියනවා” යනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී රොඩ්නි ෆේසර් මහතා ඉතා ආවේගාත්මකව අදහස් ප්‍රකාශ කළා.

ඒ ඊයේ (06) මහරගම පැවති ජන රැළියේදීයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“මට පොඩි කණගාටුවකුත් ඇති වුණා මහරගම හන්දියට එනකොට බෝඩ් එක දැක්කම ඔය බෝඩ් එකේ අපේ ෆොටෝ එකක් පොඩ්ඩක් හරි තියෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම වැරදි නම් මට සමාවෙන්න. අනුන්ගේ ආසනයක ආරාධිතයෙක් හැටියට හිටපු පළාත් සභා මන්ත්‍රී කියලා මාව දන්නෙත් නැහැ මම හිතන්නේ ඔබතුමන්ලාගේ කාර්ය මණ්ඩලය. අපි ආරාධිතයෝ නෙවෙයි වෙන්න ඕනේ ක්‍රියාකාරිකයෝ. අපිට හරි කණගාටුයි සමහර වෙලාවට. මට නම් දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. දේශපාලනයෙන් කොයි වෙලාවේ සමු ගන්නවද කියලා ඉන්නේ. මට දේශපාලනයෙන් සමු ගන්න කියලා ගෙදර කට්ටිය හැම වෙලාවේම කියනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: