hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 11, ප.ව. 5:04



තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

“මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ. ඒ තරම් මගේ ජීවිතය ගැන අවධානමක් තියෙනවා. රටේ හැම ආයතනයක්ම අල්ලගෙන ඉවරයි. ජාත්‍යන්තරයත් අල්ලගෙන නේ ඉන්නේ. එයාලා කවුද කියලා මගෙන් අහන්න එපා. මම කියන්නේ නැහැ. පුළුවන් නම් රොෂාන් රණසිංහට වහා දීලා මරයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: