hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:49



සමගි ජන බලවේගය සමග එක්වූ බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ප්‍රකාශ කළා.

බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ශ්‍රී ලංකා මහජන පක්ෂය අද සංවිධාන කර තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

“ඊයේ අපේ කණ්ඩායම විපක්ෂ නායකතුමා විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවුණා. වසර දෙකකට ආසන්න කාලයක සිට අපි පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරනවා. මෙහිදී අපි වර්තමාන දේශපාලන තත්වය සහ ආර්ථික අර්බුදය ගැන පැය දෙකක පමණ සාකච්ඡාවක් පැවැත්වූවා. සාකච්ඡාවෙන් පසු අසංක නවරත්න සජබෙට එක්වුණා කියලා මාධ්‍යවල පුළුල් ප්‍රචාරයක් ලබාදී තියෙනවා. අපේ නායකයින් විශාල ගණනක් ඝාතනය වුණා. එක්සත් ජාතික පක්ෂය මෙයට යම් අයුරකින් හවුල් වූවත්, ජවිපෙ විශාල වශයෙන් මේ සඳහා දායක වුණා. ආණ්ඩුව නිවැරදි කරන්න අපි එදා ඉඳලම කටයුතු කළා. ඊයේ පැවති සාකච්ඡාවේදී සජබය සමඟ එකතු වීම ගැන අපි කතා කළේ නැහැ. විපක්ෂ නායකතුමාගේ මාධ්‍යවේදියෙක් මේ පුවත එළියට දමා තියෙනවා. එතුමා කිව්වා මෙය නිවැරදි කරනවා කියා. බාල ප්‍රවෘත්ති පළ කරලා සජබයේ කණ්ඩායමක් ක්‍රියා කළත් ඔවුන්ගේ බාල ව්‍යාපෘති වලට අපි අහු වෙන්නෙ නෑ. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කළොත් එතුමා එක්ක කවුරුත් සාකච්ඡා කරන්න එන්නේ නැහැ. බාල ගණයේ පුවත් මවලා එතුමාට බලය ගන්න බැහැ.“

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: