hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:04



මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කමිටු සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට යෝජනාවක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.

නීතිවිරෝධීව රත්‍රං සහ ජංගම දුරකතන මෙරටට රැගෙන ඒමේ චෝදනාවට දඩ නියම වූ අලි සබ්රි රහීම් මහතා මේ වන විට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ විමර්ශනයකට යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ, චෝදනා ලැබූ අදාළ මන්ත්‍රීවරයා කමිටු නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාවන් පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත කරන නිසා විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ කමිටු නියෝජනය අත්හිටුවන ලෙසයි.

එමෙන්ම ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, අලි සබ්රි රහීම් මහතාට අඩු දඩ මුදලක් නියමකිරීම පිළිබඳව ද සොයාබලන ලෙසයි.

අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු බව ද විපක්ෂනායකවරයා මෙහි දී අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: