hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ජූලි 29, පෙ.ව. 11:24



සමගි ජන බලවේගය මැතිවරණ වලට කිසිදා බිය නොවන බවත් ඕනෑම මැතිවරණයට සූදානමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවදාරණය කරයි.

ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළමින් ජනතා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් සිටින බවත් ඔහු පවසයි.

අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යය සහ ජන වරම බැවින් ආණ්ඩුවට රට ගොඩනැගීමට නොහැකි නම් සිදුකලයුත්තේ ජන වරමකට යාම බවත් විපක්ෂනායකවරයා පෙන්වා දෙයි.

ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දීමට දිගින් දිගටම රජය කටයුතු නොකළ හොත් ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය පසුබට නොවන බවත් විපක්ෂ නායකවරයා සිය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: