hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:59



නව සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ විශේෂ සාකච්චාවක් පසුගිය සඳුදා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා තිබෙනවා.

මේ අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරමින් එහි මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා,නිමල් ලන්සා,නලින් ප්‍රනාන්දු සහ ශ්‍රීලනිපය නියෝජනය කරමින් මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න,ජගත් පුෂ්පකුමාර,දුමින්ද දිසානායක,මියුරු භාෂිත ලියනගේ ඇතුළු පිරිසක් එක්ව වුණා.

සන්ධානයේ කටයුතු සිදුකිරීමේදී ශ්‍රීලනිපය පාර්ශවයෙන් සහ නව සන්ධානය පාර්ශවයෙන් වැඩපිළිවෙලවල් සකස් කිරීම පිළිබඳවද මෙහිදී දෙපිරිස සාකච්චා කළා..

සන්ධානයේ කටයුතුවලට අමතර මෙහිදී විශේෂ අවධානයක් යොමුවූයේ දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීම පිලිබඳවයි.
ජයසේකර මහතා අවස්ථා ගණනාවකදීම පක්ෂ නායකත්වය විවේචනය කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරංචි වී ඇති බවද මෙහිදී හෙළි වුණා.

කොයි නායකයාද කැමති තමන්ව විවේචනය කරන මනුස්සයෙක්ව දිගටම තියාගන්න“නිමල් ලන්සා මහතා කිව්වා.

ඔව්..ඇමතිතුමා..එකක් නෙමෙයි මෙයා හැමතැනම ගිහින් සර්ට බැනල තියනවා,මෙහෙ විතරක් නෙමෙයි ජපානේ ගිහින් හොඳටම සර්ට දොස් කියලා එකයි උනේ..”මියුරු භාෂිත කියාගෙන ගියා.

නායකයට අරින්න ගත්තොත් ඉතින් කරන්න බෑනේ..එහෙමනං බැන බැන ඉන්නේ නැතිව එතන ඉන්න බැරිනං නම්බුකාර පිටින් යන්න ඕනා “නලින් ප්‍රනාන්දුද කතාබහට එක්වුණා.

දැන්නම් එයා හොඳටම බනින්නේ අපිට..මගෙනුත් යන යන තැන මීඩියා එකෙන් ඕක අහනවා මම කිසිදෙයක් කියන්න යන්නේ නෑ..අපි මොකටද නිකන් ඕවට උත්තර දෙන්න ගිහිල්ල සවුත්තු වෙන්නේ “අමරවීර කිව්වා.

මොන දේ කලත් අපි නායකත්වයට ගරු කරන්න ඕනා..එහෙම නොකෙරුවොත් එතන ප්‍රශ්නයක් වෙනවම තමයි“නිමල් ලන්සා පිරිස දෙස බලමින් කිව්වා.

ඒ විතරක් නෙමෙයි දැන් ලක්ෂ 50ක් ඔට්ටුවක් අල්ලපු කෙනෙක් ගැනත් කියනවා.ගම්පහ රාජ්‍ය ඇමති කියල කියන්නේ.. සමහරු මගෙනුත් අහනවා අනේ මම නන් කාටවත් කිසිම ඔට්ටුවක් අල්ලලා නෑ“ලසන්ත අලගියවන්න මහතාද කතාබහට එක්වුණා.

දැන් දයාසිරි කියන්නේ අපි පක්ෂේ ගෙනිහිල්ල යු.එන්.පී එකට හේත්තු කරන්නලු යන්නේ,යන යන තැන දැන් එහෙම කියනවා“දුමින්ද තවත් එකතු කළා.

කිසිසේත්ම එහෙම වෙන්නේ නෑනේ..එහෙම වෙන්නේ නෑ කියල මිනිහත් දන්නවා, හැබැයි මේ වෙලාවේ මිනිස්සු කුලප්පු කරන්න එහෙම කියනවා“ලසන්ත කිව්වා.

අමරවිරගේ නිවසේ රැස්වීමක් පැවැත්වෙන්නේ නම් අනිවාර්යෙන්ම පැමිණෙන සියලු දෙනාට අහාර පාන වරදින්නේ නැත.

එදිනද රසබර අහාර වේලක් අමරවීර නිවසේ සකස්කර තිබු අතර නිමල් ලන්සා ඇතුළු කිහිප දෙනෙක් වෙනත් වැඩකට සහභාගිවීම සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: