hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 12:03



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන පුද්ගලයෙකුට වැඩ බලන සභාපති තනතුර ලබාදීමට එරෙහිව නීති මගින් කටයුතු කරන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාර්ශවය පවසනවා.

ඒ අනුව හෙට දිනයේ මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියා සිටියා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මේ වන විට දෙකට බෙදී ඇති අතර දෙපාර්ශවයම වැඩ බලන සභාපතිවරුන් පත්කරගෙන තිබෙනවා.

එම පත්වීම දෙකම නීති විරෝධී බවට ඔවුන් දෙපාර්ශවයම චෝදනා කර ගැනීමද විශේෂත්වයක්
මේ අතර පක්ෂ මූලස්ථානයේ කටයුතුද දෙපාර්ශවයටම තහනම් කරමින් මරදාන පොලිසියේ විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන අතර සියලු රැස්වීම් එයින් පිට පැවැත්වීමටද සිදුව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: