hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 3:52



අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නිතිඥ අරුණ ප්‍රදිප් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පැවසුවා.

සැප්තැම්බර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නගර සභාවේ සභාපතිවරයා විසින් සිය ඉල්ලා අස්විමේ ලිපිය තමන් වෙත අද (30) යොමු කළ බවද ආණ්ඩුකාරවරයා සදහන් කළා.

නගර සභාවේ සභාපතිවරයාට දෙවතාවකදී අයවැය සම්මත කර ගැනීමට නොහැකි වු බවත් නගර සභාවේ මන්ත්‍රීවරයාට මහාධිකරණයේ පැවරූ නඩුවකට අනුව ඡන්දයක් පවත්වන ලෙස තින්දුවක් ලබා දී ඇති විලීගමගේ මහතා පවසා සිටියා.

නගර සභාවේ සභාපතිවරයා වසර එක හමාරක් පමණ අයවැය සම්මත කිරිම සදහා ඡන්දයක් නොපවත්වා තනතුරේ සිටි බවත් එම නිසා නගර සභාවේ සභාපතිවරයා කැදවා ඉල්ලා අස්වන ලෙස තමන් දැනුම් දුන් බවද ආණ්ඩුකාරවරයා සදහන් කළා.

නගර සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්විමෙන් පසු උප සභාපතිවරයාට සභාපති ධුරයේ බලය පැවරෙන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: