hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:22



21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ඊට විරුද්ධ වූ මන්ත්‍රීවරුන් අතර මේ වන විට බේදීමක් නිර්මාණය වී ඇති බවට වාර්තා වනවා.

21 සංශෝධනයට සහය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ 21ට ඡන්දය නොදුන් මන්ත්‍රීවරුන් සමඟ වැඩ කිරීමට අසීරු වන බවයි.

21ට විරුද්ධ මන්ත්‍රීවරුන් එකම පක්ෂය ඇතුලේ සිටියත් ගන්නේ වෙනම තීරණ නිසා මේ අවුල නිර්මාණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒනිසා එම විරුද්ධ වූ මන්ත්‍රීවරුන් පිළිබඳ තීරණයක් ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියේදී වැඩ කටයුතු කිරීමේදී ගැටලු ඇති විය හැකි බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡා කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.

මේ හේතුවෙන් ඉදිරියේදී පක්ෂය තුළ ගැටුම් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: