hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 7:26



වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙනයෑම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයෙදි හා මහා මැතිවරණයෙදි පොහොට්ටුවට ඡන්දය දුන් මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන නියෝජිත සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ජනාධිපතිතුමා වසරක් ඇතුළත අභියෝග ජයගත්තා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ මේ ආණ්ඩුව ගෙනියන්න අපි රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා. අපිට ජනාධිපතිවරණයෙදි, මහමැතිවරණයේදී ඡන්දය දීපු මිනිස්සුන්ගෙ බළාපොරොත්තු ඉටුකරන්න ඕන. මේ ශක්තිය බිඳින්න සමහරු උත්සහ ගන්නවා. මහින්ද මහත්තය අගමැති කරන්න හදනව කියල පහුගිය කාලෙ කතාවක් ගියා. මම මේ ගැන එතුමාගෙන් ඇහුව්වා. දිනේෂ් අගමැතිකමට පත්කලේ අපි. ඉතිං මොකටද අපි දිනේෂ් වෙනස් කරන්නේ කියල මහින්ද මහත්තය මට කිව්වා.”

“දැන් අලුත්ම කතාව සජිත් ප්‍රේමදාස අගමැති වෙනව කියන එකයි.මේ හදන්නෙ අපිව බිඳවන්නයි. මේ ආණ්ඩුව අවසන් දිනය දක්වා ගෙනියන්න අපි උපරිම සහය දෙනවා. වියත්මග හදාගෙන පක්ෂයට ආපු අය අද එළියට ගිහිල්ලා අපිව විවේඡනය කරනවා. හැබැයි පක්ෂය හදන්න මුල්වුණ  අය අදත් අපි එක්ක ඉන්නවා.” යැයි ඇමතිවරයා කියා සිටියා.

“අරගලයට නායකත්වය දුන්නේ ගම හදනවට අකමැති වුණ අයයි. 88/89 යුගයෙ මිනී මරපු තමන්ගේ පුතා මිහින්ලංකා එකට දාගන්න මහින්ද මහත්තය එක්ක ඩීල් දාපු ජේ.වී.පී නායක අනුර කුමාර දිසානායක අද මොනවද කියන්නෙ. අරගලයෙන් වැඩිම හානිවුනේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. ඒ මාව වට්ටන්නයි. මම කලබල නෑ. ඊළග ජනාධිපතිවරණයෙදි වගේම මහමැතිවරණයේදීත් ගම්පහින් පොහොට්ටුව දිනවන්න මම නායකත්වය ලබා දෙනවා.” යනුවෙන් ද මන්ත්‍රීවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: