2023 මැයි 07, පෙ.ව. 10:11
            
ආණ්ඩුව ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ ඇමැතිධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමටයි.
ජනාධිපතිවරයා ඇමැතිධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙනයෑමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
කැබිනට් ඇමැතිධුර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මීට පෙර ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම ප්‍රමාද කරමින් සිටින තත්වයක් දක්නට ලැබෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු පාලන කාලයේ ඉතිරිය කරගෙන යාමට පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් බවද එම පක්ෂය පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා මුලින්ම අයවැයට පෙර ඒ ඇමැතිධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බව ප්‍රකාශ කර ඇති අතර ඊට පසු නිදහස් දින උත්සවයට ප්‍රථම ඇමැතිධුර දෙන බවට සඳහන් කර තිබුණා.
එහෙත් ඇමැතිධුර ලබා දීමක් සිදු නොවූ අතර ඊට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසු ඇමැතිධූර ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයිද එම පක්ෂය පෙන්වා දෙනවා.
මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ඇමැතිධුර ලබාදීම ප්‍රමාද කිරීම පිටුපස වෙනත් යටි අරමුණක් ඇති බව එම පක්ෂය තුළ කතාබහක් පවතිනවා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25