hit counter

2026 ජූලි මස 03 වන සිකුරාදා

2026 ජූලි 04, පෙ.ව. 12:16



මෙරට බදු මුදල්වලින් වැඩිම මුදලක් වියදම් කරනු ලබන්නේ ගොවි ජනතාව වෙනුවෙන් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

ගොවි ජනතාව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කර ඇති බව මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ ගොවීන් වෙනුවෙන් වැය කරන බවත් හෙතෙම අවධාරණය කළේය. 

රටට බත සපයන ගොවියා පමණක් නොව, තේ කර්මාන්තයේ නිරත වන කුඩා තේ වතු හිමියෝ මෙන්මම ගම්මිරිස් ආනයනය කරන කරන පුද්ගලයාත් ප්‍රධාන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා මහතා පෙන්වා දෙයි. 

මෙරට සහල් සඳහා විදේශ වෙළඳපොළේ ඉල්ලුමක් නොමැති බැවින් වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළ අවස්ථාවේදී සියලු වී  ලබා දෙන ලෙස මිල වැඩිවනු ඇතැයි අපේක්ෂාවෙන් නිවෙස්වල ගබඩා නොකරන ලෙසත් අමාත්‍යවරයා ‌ඉල්ලා සිටියේ. 

වී මිල උච්චාවචනය වීම ගැටලුවක් වන බැවින් මිල ස්ථාවර පවත්වාගෙන යාමට උත්සහා කරන බවත් කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

“අපේ රටේ හාල්වලට විදේශ වෙළඳපොළේ ඉල්ලුමක් නැහැ. වී ටික වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කරපු වෙලාවේ දෙන්න. ඊට වඩා මිල වැඩි වෙනකන් තියන් ඉන්න එපා. එතකොට මේ පාර වුණු දේ වෙනවා. වී මිල උච්චාවචනය වෙන එක ගැටළුවක්. අපි උත්සහ කරනවා වී මිල ස්ථාවරව තියාගන්න. පිරිවැය වැඩිවෙනකොට නිෂ්පාදන වියදම වැඩිවෙනකොට මිල ඉහළ යා යුතුයි. අපි ඒක වෙනස් කරනවා. වී මිල පුළුවන් තරම් ස්ථාවරව තියාගෙන ඒ නිෂ්පාදනයට යන පිරිවැයට සහන දෙන්න. 

අපි ලොකේ යුද්ධයක් තිබුණට කිසි කර්මාන්තයක් බිඳ වැටෙන්න දුන්නේ නැහැ. තෙල් හිඟයක් ඇතිවෙන්න දුන්නේ නැහැ. අපේ පෞද්ගලික පොහොර සමාගම් රජයට ලොකු සේවයක් කළා. එයාලා ළඟ තිබුණ පොහොර ටික රජයට දුන්නා, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී ගොවියාට බෙදන්න. හැමෝම කියනවනේ පෞද්ගලික ආයතන ගසා කන්නමයි ඉන්නේ කියලා. පොහොර මිලත් ඉදිරියේදී අඩුවෙයි. අපි බලාපොරොත්තු වෙනවා අපේ ගොවි ජනතාව මීට වඩා පොදු ජනතාව ගැන හිතයි කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: