hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 27, පෙ.ව. 11:39



ඇමතිකම් දරණ තරුණ ඇමතිවරුන් පිරිසක් ඉදිරි මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට මේ වන විටත් සාකච්චා කරමින් සිටින බව වාර්තාවේ.

ඔවුන් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද දැන ගන්නට ඇත.

එම නිසා ජනාධිපතිවරයාද ඔවුන්ට සිය අමාත්‍යංශ සිදු කිරීමේදී වැඩි වගකීම් කොටසක් පවරන බවද වාර්තාවේ.

ඒ අනුව මාතර,මහනුවර,අනුරාධපුර,මාතලේ,කෑගල්ල,නුවර එළිය යන දිස්ත්‍රික්කවල සිටින තරුණ ඇමතිවරුන් මෙසේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගෙන සිටින බවද ආණ්ඩුවේ ප්‍රධානියෙකු අවධාරණය කළා.

එම නිසා එම අමාත්‍යවරුන් පොහොට්ටුවේ දේශපාලන කටයුතු මග හරිමින් සිටින බවද වාර්තාවේ.

නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයෙන් ලැබෙන දුරකථන ඇමතුම්වලට පවා ඔවුන් මේ දිනවල නිහඬ බවද ඉහත ආරංචි මාර්ග කියයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: