2022 අගෝස්‍තු 22, පෙ.ව. 11:49
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ සැලසුමක් යවා තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ ප්‍රධාන කාර්යාලය විසින් සැලසුම් කිහිපයක් මේවන විට ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ප්ලෑන් ඒ, ප්ලෑන් බී, ප්ලෑන් සී යනුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු 3ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.
එම මන්ත්‍රීවරු ලැයිස්තුවට අනුව ප්ලෑන් ඒ සඳහා මන්ත්‍රීවරුන් 25ක්, ප්ලෑන් බී සඳහා මන්ත්‍රීවරුන් 20ක්, ප්ලෑන් සී සඳහා මන්ත්‍රීවරුන් 16ක්ද ඇතුළත් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක තනතුර අමාත්‍ය කංචන විජේසේකර මහතාට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. මාතර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතායි.
පසුගිය සතියේ හිටපු පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පවත්වා තිබනෙවා.
සර්ව පාක්ෂික කතිකාව සහ තවත් කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙන අතර මෙහිදී පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම හා පක්ෂය සුරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පිරිසට කරුණු පැහැදිලි කර දී තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
21-06-25
21-06-25
21-06-25
21-06-25
19-06-25
19-06-25
17-06-25
17-06-25
15-06-25
15-06-25
14-06-25
14-06-25
14-06-25
14-06-25
13-06-25
13-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
11-06-25
11-06-25