hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 19, පෙ.ව. 10:24



ශ්‍රී ලංතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ධම්මික පෙරේරාට ලබා දීමට කිසිදු තීන්දුවක් ගෙන නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

පක්ෂයේ ක්‍රීයාකාරී සාමාජිකයෙකු ලෙස තමන් දන්නා පරිදි එවැනි සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි හෙතෙම අවධාරණය කරයි.

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයෙකු පත් කරගෙන නැවත රට අනතුරේ හෙළිය නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත වරක් අවස්ථාව ලබාදිය යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: