hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 මාර්තු 10, පෙ.ව. 11:24



කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ සතියේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී ඡන්දය නියමිත ලෙස පවත්වන ලෙස මැතිසබා යෝජනාවක් සම්මත කරගත යුතු යැයි මුලින්ම යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. එම යෝජනාව ඉදිරිපත් වූ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ද ඊට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව මේ සඳහා වන යෝජනාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි සාගර කාරියවසම් මහතා එම යෝජනා කෙටුම්පත සලකා බලා තම පක්ෂයේ අදහස් ද ඊට ඇතුළත් කරන බව සඳහන් කර තිබෙනවා.

ඉන්පසු පොහොට්ටුවේ සහ විපක්ෂයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඡන්දය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලන යෝජනාව මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සමඟ විපක්ෂය හා පොහොට්ටුව මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීන්දුවක් ගත් බව සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: