hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 12, ප.ව. 4:26



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරනුයේ එක්සත් ජාතික පක්ෂය යටතේ අලිය ලකුණින් බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරිමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගනූ ලැබුවේ, පසුගිය 10 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිමත්, පොදු ලකුණක් යටතේ තරග කිරිම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදීයී අවධානය යොමුව තිබෙනවා.

මෙම රැස්වීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්ක 5ක සංවිධායකවරුන් ඇතුළු පිරිස් පැමිණ සිට ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ පිරිසක් ද පැමිණ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: