hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 14, ප.ව. 2:16



2024 මාර්තු මස 13 වන දින අවිස්සාවේල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් කීපයක දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙත ඇස් කන්නාඩි බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමින් හත් වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා මේ දින වල අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කුමන්ත්‍රණය නැමති ග්‍රන්ථයේ හෙළි කොකල කතාවක් වෙත ජනතාවගේ අවධානයට යොමු කරන ලදී.

ජාතික මතවාදී කඳවුරට නායකත්වය ලබා දෙන පිරිස අතර සහ එම මතවාදය එළියේ සිටින ජනතාවට සන්නිවේදනය කරන චරිතයක් ලෙස ගෞරවය දිනා සිටි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සම්බන්ධයෙන් “කුමන්ත්‍රණය” ග්‍රන්ථයේ 97 හා 98 පිටු වල සඳහන් කර ඇති කරුණු හේතුවෙන් වර්තමාන “ජාතික මතවාදී කඳවුර තුල සිටින ජුදාස්” ලෙස උන්වහන්සේ පිළිබඳව මහජනතාව තුළ හැඟීමක් ඇති වී ඇති බව සුගීෂ්වර බණ්ඩාර මහතා එහිදී ප්‍රකාශ කරන ලදී.

මෙම කාරණය සම්බන්ධයෙන් කලබල වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සුගීෂ්වර බණ්ඩාර මහතාගේද නම ඈඳා ගනිමින් ප්‍රසිද්ධ මාධ්‍යයේ ජනතාව වෙත අසත්‍ය කරුණු ප්‍රකාශ කරන මොහොතක කාලයේ වැලි තලාව මත සැඟවී යාමට තිබූ ඇතැම් සංවේදී කාරණා හෙළි කිරීම සිදු වන බව ප්‍රකාශ කල සුගීෂ්වර බණ්ඩාර මහතා කුමන්ත්‍රණයේ නොකී කතාවක් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

2022 ජුලි මස 12 වන දින තමා ඇමතූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හත් වන ජනාධිපතිතුමාට ධූරය හැර යන ලෙසට බල කරන බවත්, ඒසේ ධුරය හැර යන බවට වන ලිපිය තමා සන්තකයට ලබාගෙන තහවුරුවක් උන්වන්සේට ලබා දුන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගල කරුවන්ගේ බාධාවකින් තොරව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නික්ම යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර දීමට උන්වහන්සේට හැකි බවටත් වන පණිවිඩය හත් වන විධායක ජනාධිපතිතුමාට දන්වන ලෙසට උද්දාමයෙන් උන් වහන්සේ තමා වෙත කියා සිටි බව සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ වන විටත් රාජ්‍ය බලය හෙබවූ හත් වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒසේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ බහට අවනත වීමට කාරණා නොතිබූ බවත්, කටුනායක ගුවන් තොටුපල භාවිතා කිරීම සඳහා ඕමල්පේ සෝභිත හිමියන්ගේ සහය ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් එතුමාට ඒ අවස්ථාවේ නොතිබූ බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව එහිදී පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ කලබල වන්නේ නම්,  2022 මැයි මස 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතා 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ඉතාමත් ආසන්නයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ‌දන්වා තිබූ කොන්දේසි පිළිගෙන එතුමාව වහාම අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතු බවත්, එම මතය ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේද මතය වන බව උන්වහන්සේට පැවසූ බවත්, එසේ සිදු නොකරන්නේ නම් තමන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ජනාධිපති මන්දිරය ඉදිරිපිට ගිනි තබා ගෙන අපවත් වන බවත්, ජනාධිපතිතුමාට දන්වන ලෙසට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ලබා දුන් දුරකථන ඇමතුමට අදාල පණිවිඩය සුගීෂ්වර බණ්ඩාර මහතා එතුමා වෙත දන්වන අවස්ථාවේ බිය වීමට හෝ කලබල වීමට ඉඩ තිබුණේ යයි විශ්වාස කරන බව සුගීෂ්වර බණ්ඩාර මහතා එහිදී ප්‍රකාශ කළේය.

තමාගේ අනන්‍යතාවය ඇති ජාතිකවාදී කඳවුර තුල ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රතික්ෂේප වේ යයි පවතින බිය මෙම අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිදු කරන සියලු මාධ්‍ය සන්දර්ශන වලට හේතුව වී ඇති බවත්, ඒ් සම්බන්ධයෙන් කනගාටු වන බවද සුගිෂ්වර බණ්ඩාර මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: