2022 ඔක්‍තෝබර් 14, ප.ව. 8:31
 
            
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීරණාත්මක තීන්දු කීපයක් ගැනීමට එජාප නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ඒ අතර පක්ෂයේ ප්‍රධානතම තනතුරු 4ක් වෙනස් කිරීමට ගෙන ඇති තීන්දුව මේ වන විටත් පක්ෂය තුළ කතා බහක් ඇති කිරීමට සමත්ව ඇතැයි වාර්තා වනවා. පක්ෂයේ මහලේකම්, සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික යන තනතුරු මේ අනුව වෙනස්වීමට නියමිතයි.
මෙතෙක් පක්ෂයේ මහලේකම් ධුරය දැරූ පාලිත රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් දිගින් දිගටම පාක්ෂිකයන්ගෙන් එල්ලවන චෝදනා නිසා එජාප මහලේකම් ධුරය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට භාර දීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මේ අවස්ථාවේදී එජාපය දරුණු මූල්‍ය අර්බුදයක සිටින බැවින් ඊටද හොඳම විකල්ප රවි කරුණානායක මහතා සතුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බව වාර්තා වනවා.
ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පදවියේ කටයුතු කරන බැවින් ජාතික සංවිධායක තනතුරේ කටයුතු නිසි පරිදි සිදු කිරීමට කාලය සොයා ගැනීමට අපහසු බැවින් තමා ජාතික සංවිධායක තනතුරින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත් රවි කරුණානායක මහතාගේ නම හැර අනෙක් තනතුරු සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තවමත් අවසන් නිගමනයකට පැමිණ නැති බව පැවසෙනවා.
කෙසේ වෙතත් පසුගිය දිනක ජනාධිපති මාධ්‍ය අංශය වෙත නිකුත් කළ නිවේදනයක පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම සඳහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ජාතික සංවිධායක ලෙසයි.
අකිලගේ මේ නව තනතුර සඳහා සුබ පැතීමට මාධ්‍යවේදියකු අකිලට දුරකතනයෙන් ඇමැතූ අවස්ථාවේදී අන්දුන්කුන්දුන් වූ අකිල අදාළ මාධ්‍යවේදියාට පවසා ඇත්තේ ‘‘බලපං මචං මේ යක්කුන්ට හරියට මිනිහකුගේ නමක් ලියා ගන්න බෑනේ’’ යනුවෙනි.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25