hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 6:46



එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ වෙනසක් සිදු වනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත්කෙරෙනු ඇති.

දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාර මහතා පළාත් ආණ්ඩුකාර ධුරයකට පත්කෙරෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.

ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා රවි කරුණානායක මහතාට වගකීම් පැවරෙනු ඇති අතර රංගේබණ්ඩාර මහතාට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණකාලීන නොවන තනතුරක්ද ලබා දෙනු ඇති බවත් වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: