hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 2:48



ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර තිබෙනවා.

මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: