hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 24, ප.ව. 1:19



ජනක රත්නායක මහතාගේ කට වැඩි බවත් ඔහු සංවර විය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

තමන් පාරේ යනකොට ජනාධිපතිවරණයට එන ලෙස ජනතාව යෝජනා කරන බවට ජනක රත්නායක මහතා ඊයේ ප්‍රකාශ කළ බවත් අවසානයේ ඔහුගේ අරමුණ ඉහළ පුටුවට යාමට බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

“ඉස්සර තරුණ කාලේ අපි පොලීසියත් එක්ක ගහගන්නවා. එතකොට නම යනවා කුමාර මහත්තයා පොලීසියට ගැහුවා කියලා. ඒක තමා මගේ පසුබිම. ඒ විදිහට තමා මෙයත් කරන්න යන්නේ.” යැයිද මන්ත්‍රීවරයා කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතා වැරදි වැඩක් කරන බවත් මේ රටේ ණය ගත් ව්‍යාපාරිකයින් 10 දෙනෙකුගේ බොල්ණය ලෙස කපා හැර ඇති බවත් එතුමා ජනාධිපති කළේ ව්‍යාපාරිකයින්ගේ ණය කපන්නද? යන්න මන්ත්‍රීවරියා ප්‍රශ්න කළා.

“දැන් අපේ කාලේ ඉවරයි. ෆොන්සේකා මහත්තයාට නම් තව කල් තියෙනවා. එතුමාට කල් තියෙනවා අපිට නෑ. එතුමා තරුණයි. එතුමට ලොකු පුටුවට යන්න පුළුවන්” යැයි වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: