hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 08, ප.ව. 6:27



ධනුෂ්කට සහය ලබා දෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කළ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

එය වරදට සහය දීමක් නොවන බවත් ධනුෂ්ක රට නියෝජනය කරමින් ගිය අපේ දරුවෙක් බවත් ඔහුට සහය දීමට ක්‍රීඩා ඇමතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් රණතුංග මහතා කියා සිටියා.

“මගේ කාලේ මෙහෙම වෙන්නේ නෑ, මීට වඩා විනයක් තිබුණා මේ ලමයා බේරා ගත යුතුයි ක්‍රීඩකයන්ගේ විනයට පෙර පාලකයන්ගේ විනය හැදිය යුතුයි.” ඔහු ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවේ බන්ධනාගාර ගත කර සිටින ධනුෂ්ක පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද(08) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එක්ව සිටියා.

ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටි අතර ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා මෙහිදී අදහස් දැක්වූවා.

මුළු කණ්ඩායම ගැනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ක්‍රීඩා විලාශය පිළිබඳව ද සැකයක් තිබෙන බවත් ඔහු සඳහන් කළා.

“මගේ කාලේ මේ වගේ දේවල් වුනේ නැත්තෙ මීට වඩා විනයක් තිබුණා. මම පොඩ්ඩක් හරි ක්‍රිකට් සෙල්ලම් කළා. නමුත් ක්‍රිකට් ආයතනයේ ඉන්න තරම් කට්ටිය ක්‍රිකට් ගහලා නෑ. ඒ අයට උගන්වන්න මම දන්නේ නෑ” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.