hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2024 මාර්තු 19, පෙ.ව. 1:37



බංග්ලාදේශය සමඟ පැවැති තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී වනිඳු හසරංග විනිසුරුවරයා සමඟ උණුසුම් වචන හුවමාරුක් ඇති කර ගෙන තිබේ.

ඇෆ්ගනිස්තානය සමඟ තුන්වන T20 තරගයේ දී විනිසුරුවරයෙක් සමඟ ඇතිකරගත් මතභේදාත්මක තත්ත්වය මත වනිඳුට ICC ය විසින් තරග දෙකක තහනමක් පැනවූවා.

ඉන් පසුව බංගලාදේශය සමඟ පැවති පළමු හා දෙවන T20 තරග දෙක ඔහුට තහනම් වුණා.

එළඹෙන ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට සහභාගීවන අවසාන ජාත්‍යන්තර තරගාවලිය වන්නේ බංගලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග 2 යි.

වනිඳු ටෙස්ට් දිවියෙන් පසුගිය වසරේ විශ්‍රාම ගැනීමත් සමඟ නැවත තරග තහනමක් ඔහුට වැටුණොත් ලෝක කුසලානයේ ආරම්භක තරග කිහිපයක්ම මග හැරෙනවා.