hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 7:49



වසර 17කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වේ පදක්කමක් දිනා ගන්නට තිබුණු අවස්ථාව ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහය කණ්ඩායමෙන් අද ගිලිහි ගියා.

ශ්‍රී ලංකා සහය කණ්ඩායම මෙම තරගය දෙවැන්නා ලෙස අවසන් කළත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් ඉවත් කරන්නට තරග සංවිධායකයින් විසින් පසුව පියවර ගත්තා.

ඊට හේතුවුණේ ඉතාම අවසනාවන්ත සිදුවීමක්.

අරුණ දර්ශන තම ධාවන පථයේ පැමිණ නදීශා රාමනායක වෙත යෂ්ටිය ලබාදෙන අවස්ථාවේ අරුණගේ එක් පාදයක් අදාල ධාවන පථයෙන් ඇතුලත පිහිටි ධාවන පථයට පිවිසීම නිසයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දිනූ රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර මෙම ඉසව්වේ රන් පදක්කම බහරේනය දිනා ගත්තා.

ශ්‍රී ලංකා මීටර් 400 සහය මිශ්‍ර කණ්ඩායම නියෝජනය කළේ අරුණ දර්ෂන ,නදීෂා රාමනායක ,කාලිංග කුමාරගේ සහ තරූෂි කරුණාරත්නයි.