hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 29, ප.ව. 11:53



දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට සීමා කිරීමට දකුණු අප්‍රිකාව  සමත් විය.

ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක් වුණා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමකදී දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස 1994 වසරේදී අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පාකිස්තානය හමුවේ ලකුණු 71කට දැවී ගොස් තිබුණි.

එහිදී දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූහ.

මාර්කෝ ජැන්සන් ලකුණු 13කට කඩුලු 7ක් දවාගත්තේය.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 191ක් සහ දෙවැනි ඉනිමට කඩුලු 5කට ලකුණු 366ක් ලබා ඉනිම අත් හිටුවිය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 516ක ඉලක්කයක් හිමිකර දෙමින්.

3වන දිනය අවසන් වන විට එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා සිටියේය.

තරගය 4 වන දිනය හෙටයි.

Example Image