hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 11:43



ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 13ක් නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට වනිඳු හසරංග නායකත්වය දරණ බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ තරග 5කට සහභාගී වී ඉන් තරග 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 6කට හිමිකම් කියමින්.

කැන්ඩි කණ්ඩායමේ ශූද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.498ක්.

දෙවැනි ස්ථානය දඹුල්ල අවුරා කණ්ඩායමට හිමිව තිබෙන අතර ඔවුන් ද තරග 5කට ක්‍රීඩා කරමින් ඉන් තරග 3ක් ජය ගත්තා.

දඹුල්ලට ද හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 6ක්.

කෙසේ වෙතත් දඹුල්ල අවුරා කණ්ඩායමේ ශූද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.364ක් වනවා.

තුන්වැනි ස්ථානය පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමිව තිබෙනවා.

ඔවුන් තරග 6කට ක්‍රීඩා කරමින් තරග 3ක ජය හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු 6කට හිමිකම් කියනවා.

ඒ අනුව කැන්ඩි ,දඹුල්ල සහ ජැෆ්නා යන කණ්ඩායම තුනටම මේවන විට ප්‍රසාද ලකුණු 6 බැගින් හිමිව තිබීම කැපී පෙනෙනවා.

සිව්වැනි ස්ථානය කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායමටත්, පස්වැනි සහ අවසන් ස්ථානය ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් හිමිව තිබෙනවා.

මූලික වටයේ තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම හතර LPL අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.