2024 ජූනි 01, පෙ.ව. 10:42
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංගලාදේශ ජාතික තම්මි රහ්මන් ලබන 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකරු ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් මෙන්ම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති විය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුව ජුනි මස 7 යළි කැදවීමට නියමිතය.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25