hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 01, ප.ව. 11:48



ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැතුණු එංගලන්තය සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබුවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 483ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමට ලබා ගත හැකිවුණේ ලකුණු 292ක් පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න ලකුණු 55ක් ද,දිනේෂ් චන්දිමාල් ලකුණු 58ක් ද,නායක ධනංජය ද සිල්වා ලකුණු 50ක් ද,මිලාන් රත්නායක ලකුණු 43ක් ද රැස්කළේය.

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 251ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 196 කට සීමා විය.

එංගලන්තය තරගාවලිය ද තරග 2-0ක් ලෙස පෙරමුණ ගත්තා.