hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:37



ජාතික කණ්ඩායමට වඩා ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරග වලට මුල්තැන ලබාදීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුට සම්බාධක පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.

මුජිබ් උර් රෙහේමාන්, ෆසල්හක් ෆරූකි සහ නවීන් උල් හක් යන ක්‍රීඩකයන් තිදෙනාට මෙලෙස විදෙස් ලීග් තහනම් පනවා තිබෙනවා.

2024 වසරේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබාදීම ප්‍රමාද කිරීම, ඉදිරි වසර දෙකක කාලය තුළ විදේශිය ලීග් තරග සදහා අවසර ලබානොදීම, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ට පැනවීමට තීරණය කර ඇති සම්බාධකයි.

ඒ අනුව මුජීබ් උර් රෙහේමාන් , ෆසාල්හක් ෆාරුකි සහ නවීන් උල් හක්ට 2024 IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට ද අවසර හිමිවන්නේ නැහැ.