hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 15, ප.ව. 2:23



ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත් වන විට 46 වැනි වියේ පසුවුණා.

Andrew Symonds 1998 සහ 2009 අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26ක්, එක්දින ජාත්‍යන්තර තරග 198ක් සහ විස්සයි20 තරග 14ක් ක්‍රීඩා කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ත පොලිසිය සඳහන් කර තිබෙන්නේ ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් පෙරළී ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය Andrew Symonds මිය යාම පිළිබඳව කම්පනයට සහ කණගාටුවට පත් වන බවද සඳහන් කරනවා.