hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 8:52



ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් ගැන දන්නා බැවින් ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බව, අද (06) පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසනවා.

නව පත්වීම ලැබීමෙන් පසුව ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණි රණතුංග මහතා, එහි දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ බව සඳහන් කළා.

එහි දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, තමන් ඇමතිවරයෙකු ලෙස අසමත් නොවූ බව ජනපතිවරයා හොඳින් ම දන්නා බවයි.

එහිදී සිය ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්ද ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වූවා.

මේ අතර අමාත්‍යවරයා විසින් මෙලෙස සිදුකළ පත්කිරීම් තුළ තමන්ට පැවරී ඇති බවගකීම වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම පමණක් බවද එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

තමන් ධුරයට පත්කිරීමත් සමග දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 6 දෙනෙකු දුරකථනයෙන් අමතා සහාය ලබාදීම සඳහා ඕනෑම මොහොතක සූදානම් බව ද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: