hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 12:49



ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට තමාට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.

තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවත් පැවසු අර්ජුන රණතුංග මහතා, ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත් කියා සිටියා.

එමෙන්ම රටට ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් සාදා ගැනීම තම මුලික කටයුත්ත බව ද සඳහන් කළ අර්ජුන රණතුංග මහතා, තමාට භාරදුන් කටයුත්ත නිසිලෙස ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් තමාට හිමි වූ තනතුර බලෙන් ලබාගත් දෙයක් නොවන බව ද පැවසුවා.

“ක්‍රීඩා ඇමතිතුමා තමයි ඒක පත් කරලා තියෙන්නේ. මම හිතන්නේ සෑහෙන කාලයක් එතුමා මේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ ක්‍රිකට් අද වැටිලා තියෙන තත්ත්වයත් එක්කයි මේ තීරණය ගන්න ඇත්තේ. එතුමා පත්කරපු කමිටුවේ මටත් වගකීමක් භාරදීලා තියෙනවා. මගේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ ක්‍රිකට් පැත්තට. පරිපාලනය පැත්තට තව කණ්ඩායමක් තියෙනවා. ඒ හරහා අපට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රිකට් ගොඩගන්න. ඒ සඳහා අපේ පුළුවන් සහයෝගය ලබාදෙනවා. මේ පාර අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න. ලංකාවේ මිනිස්සුන්නට ක්‍රිකට් එපා වුණා. ලංකාවේ තිබෙන හොරම දූෂිතම ආයතනය මේක බවට පත්වුණා. මේ සියල්ලම වෙනස් වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන ක්‍රිකට් කණ්ඩායමක් සහ ආයතනයක් බවට පත් කිරීමට සහ රටට ආදරය කරන ක්‍රිඩකයන් ටිකක් හදා ගැනීම තමා මගේ බලාපොරොත්තුව. 

මම නීතිය ගැන කතා කරන්නනේ නෑ. මම එකට දක්ෂ කෙනෙක් නෙමෙයි. නමුත් මහජනයාට අවශ්‍ය කරන දේ අද අපට තේරිලා තියෙනවා. අපිට වැඩක් භාරදිලා තියෙනවා අපි ඒක භාර ගන්නවා. හරියට කරනවා. අපිට යන්න කිව්වොත් අපි යනවා. මේක අපි බලෙන් ඉල්ලගෙන ආපු එකක් නෙමේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: