hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 10:48



පල්ලෙකැලේදී පැවැති 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදු වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 267ක් රැස් කළා.

හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90කදී ලකුණු 87ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්.

ඉෂාන් කිශාන් පන්දු 81කින් ලකුණු 82ක් රැස් කළා.

පන්දු යැවීමේදී ෂහීන් ෂා අෆ්‍ රිඩී ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

හැරිස් රවුෆ් ලකුණු 58කට කඩුලු 3ක් සහ නසීම් ෂා ලකුණු 36කට කඩුලු 3ක් බිද දැමුවා.

ඉන්දීය ඉනිමෙන් අනතුරුව පාකිස්ථාන පිළිතුරු ඉනිමට පෙර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට දැඩි වර්ෂවක් ඇද හැළුණා.

ඒ අනුව ඊයේ රාත්‍රී 10ට පමණ තරගය අත්හැර දමන්නට පියවර ගත්තා.

ඉන්දියාවට සහ පාකිස්ථානයට ප්‍රසාද ලකුණ බැගින් හිමි වු අතර ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම අවසන් හතර දෙනාගේ තරග වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.