hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 25, ප.ව. 10:22



ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයේ සංයුතිය සකසා ගැනීම ක්‍රිකට් තේරීම් කමිටුවට අර්බුදයක් වී තිබෙන බව වාර්තා වනවා.

ඒ LPL තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලානයේ සියළු තරග අහිමිවිය යෑම සහ වනිඳු හසරංගගේ සහභාගීත්වය ද අවිනිශ්චිත වීම නිසයි.

චමීර වෙනුවට දැනටමත් කසුන් රාජිත සංචිතයට කැදවා අවසන්.

වනිඳු ආසියානු කුසලානයට සහභාගිවීම තීරණය වන්නේ ඔහුට පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරික්ෂණයේ ප්‍රතිපළය අනුවයි.

මීට අමතරව කුසල් ජනිත් පෙරේරාට සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එවන් තත්ත්වයක සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සිය පුහුණුවීම් කොළඹදී ආරම්භ කළ අතර ඔහු හෙට පල්ලෙකැලේ බලා පිටත්ව යෑමට ද නියමිතයි.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය බංග්ලාදේශ සමග අගෝස්තු මස 31 වැනිදා පල්ලෙකැලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.