hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 1:38



2023 ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ අවසන් සිව්දෙනාගේ තරග වටයේ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරමින්.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පන්දුවාර 42කට ඉනිමක් සීමා වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 42දී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තා.

අබ්දුල්ලා ෂෆීක් ලකුණු 52ක් ද ,ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 47ක් ද ,මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 86ක් ද ලබා ගත්තා.

මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් ද,ප්‍රමෝද් මධුෂාන් ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත්තා.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණයට ලකුණු 252ක් ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු අතර එම ඉලක්කය පන්දුවාර 42දී කඩුලු 8ක් දැවී සපුරා ගත්තා.

සදීර සමරවික්‍රම ලකුණු 48ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 91ක් ද ,චරිත් අසලංක නොදැවී ලකුණු 49ක් ද ලබා ගත්තා.

ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 50කට කඩුලු 3ක් ද,ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 52කට කඩුලු 2ක් ද දවා ගත්තා.

ශ්‍රී ලංකා ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ 11 වැනි අවස්ථාව ද මෙයයි.

ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.