hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:30



2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී කඩුලු 10ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමත් සමග ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු ශූරතාව දිනා ගත්තා.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 50ක් පමණයි.

මෙය ශ්‍රී ලංකා එක්දින තරගයකදී රැස්කළ දෙවැනි අඩු ලකුණු ගණන ද වනවා.

කණ්ඩායමක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් ද, හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 3කට කඩුලු 3ක් ද,ජස්ප්‍රිට් බුම්රා ලකුණු 23කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 51ක පන්දුවාර 6යි එක් පන්දුවකදී ඉන්දීයානුවන් සපුරා ගත්තේ කිසිවකු නොදැවී සිටියදීයි.

තරගයේ වීරයා මොහොමඩ් සිරාජ් .

තරගාවලියේ වීරයා කුල්දීප් යාදෙව්.