hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:40



චීනයේ පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා T20 ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය පරාජය කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 75ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 77ක් ලබා තරගය ජය ගත්තා.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සමගින් හෙට තරග වැදීමට නියමිතයි.

අවසන් මහා තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවට කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම හිමිවන අතර එම තරගය පරාජයට පත්වුවත් රිදී පදක්කම හිමිවනවා.

ඒ අනුව 2014 වසරට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී අනිවාර්ය පදක්කමක් හිමිවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක් හිමිකර ගත්තේ 2014 වසරේ පිරිමි ක්‍රිකට් ඉසව්වෙන්.