2023 ඔක්‍තෝබර් 11, ප.ව. 8:05
19 වන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද යළි දිවයිනට පැමිණියා.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් ,රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක්ද සමගින් පදක්කම් 5ක් දිනා ගත්තේ පදක්කම් සටහනේ 26 වැනි තැනට පත්වෙමින්.
එහිදි මීටර් 800 කාන්තා ඉසව්වේදී තරුෂි කරුණාරත්න රන් පදක්කමක් ,කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී දිල්හානි ලේකම්ගේ රිදි පදක්කමක් ,කාන්තා ක්‍රිකට් ඉසව්වේදී රිදි පදක්කමක් සහ මීටර් 400 පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52