hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 25, පෙ.ව. 8:31



නෙත්මිකා මදුශානී හේරත් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට සමත්වුණා. ඒ මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ශතාවය ද සමඟ වීම විශේෂත්වයක්.

මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකා, ක්‍රිශාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා හෙට(25) දිනයේ දුර පැනීමේ ඉසව්වට ද තරගවැදීමට නියමිතයි.

එම ඉසව්වේ රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව 13.33m සහ ලෝකඩ පදක්කම- කොරියානු ක්‍රීඩිකාව 12.67m දිනාගත්තා.