2024 අප්‍රේල් 25, පෙ.ව. 8:31
නෙත්මිකා මදුශානී හේරත් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට සමත්වුණා. ඒ මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ශතාවය ද සමඟ වීම විශේෂත්වයක්.
මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකා, ක්‍රිශාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා හෙට(25) දිනයේ දුර පැනීමේ ඉසව්වට ද තරගවැදීමට නියමිතයි.
එම ඉසව්වේ රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව 13.33m සහ ලෝකඩ පදක්කම- කොරියානු ක්‍රීඩිකාව 12.67m දිනාගත්තා.
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14