hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මාර්තු 16, ප.ව. 2:53



ඊයේ (4) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම දිනයක්.

ඒ ලෝක පූජිත විශිෂ්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකු සිය ජීවිත ගමන අවසන් කිරීමයි.

පළමු පුවත

ප්‍රථමයෙන්ම වාර්තා වූ පුවත වූයේ ඕස්ට්‍රේලියාව එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම කඩුළු රකින්නෙකු වන රට රොඩ්නි මාෂ් ජීවිතයෙන් සමු ගැනීමයි.

මිය යන විට 74 වන වියේ පසු වූ ඔහු 1970 -1984 කාලය තුළ ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 96 කට හා එක්දින තරග 92 කට සහභාගී වී ඇති අතර එහිදී කඩුල්ල පිටුපස සිටි දවා ගැනීම් 355 ක් ලබා ගත්තේ ඒ අවධියේ ලෝක වාර්තාවක් පිහිටුවමින්.

කඩුළු රකින්නෙකු ලෙසත් ඉන් පසුව පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කළ මාෂ් කඩුළු රකින්නෙකු ලෙස ක්‍රීඩා කරද්දී තරගය පිළිබඳව මනා කියවීමක් තිබූ විශිෂ්ඨ ක්‍රිකට් බුද්ධියකින් හෙබි ක්‍රීඩකයකු ලෙසයි හැඳින්වූයේ.

ඔහු මිය ගියේ මේ සතිය මුල ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත වීමෙන් අනතුරුවයි.

අවාසනාවන්ත සිද්ධිය

ඊයේ (4) සවස් වන විට ලොව එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම පා දග පන්දු යවන්නා ලෙස හැඳින්වෙන ෂේන් වෝන්ගේ ජීවිත ගමන නිමා කිරීමේ පුවත වාර්තා වුණා.

ඔහු මිය ගියේද දරුණු හෘදයාබාධයක් හේතු කොටගෙන බවයි වාර්තා වන්නේ.

මිය යන විට 52 වියේ පසු වූ ඔහු සියවසේ ලොව බිහිවූ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයන් පස් දෙනා අතරට විස්ඩන් සඟරාව නම් කර තිබුණා.

ඒ හැරුණු කොට සියවසේ යැවූ හොඳම පන්දුව යැවූ ක්‍රීඩකයා ලෙස පිළිගැනෙන්නේත් ෂේන් වෝන්ව.

ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තය

1992 – 2007 කාලය තුළ ටෙස්ට් තරග 145 ක කට සහභාගි වී කඩුළු 708 ක් ලබාගත් ඔහු දෙවැනි වූයේ ටෙස්ට් කඩුළු 800 ක් ලබාගත් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණයි.

ඔහු 1999 ලෝක ශූරතාවය ශූරතාවය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකුද වුණා.

ක්‍රිකට් පිටියෙ මෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රීඩාගාරය තුළත් පෙරළිකාර මෙන්ම ආවේගකාරී චරිතයක් වූ ෂේන් වෝන් ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙසත් හැඳින්වෙනවා.

ෂේන් වෝන් මිය යාමට පැය කිහිපයකට පෙර රොඩ්නි මාෂ්ගේ අභාවය පිළිබඳව සිය ශෝකය පළ කරමින් ට්විටර් පණිවිඩයක් පණිවිඩයක්ද තබා තිබුණා.