hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූනි 13, ප.ව. 2:36



ඔස්ට්‍රේලියාව සමගින් පැවතිය අවසන් 2020 තරගයේ ජය එළඹෙන එක් දින එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇති බව භානුක රාජපක්ෂ කියා සිටිනවා.

භානුක මෙම අදහස් පළ කර සිටියේ පෙරේදා රාත්‍රියේ නිමා වූ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තෙවැනි 2020 තරගයෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් භානුක මෙසේ සඳහන් කළා,

“ලෝක ශූරයන් පරාජය කිරීම එළඹෙන එක් දින තරගාවලිය සඳහා අපගේ කණ්ඩායමට විශාල ශක්තියක් බව මා විශ්වාස කරනවා. එමෙන්ම ඉදිරියේදී ආසියානු කුසලානය සහ ලෝක කුසලානයේදීත් මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරන්නක් බවට පත් වේවි.”

එමෙන්ම භානුක මෙම තරගාවලියේදී පිතිකරණයේ යෙදුණු ස්ථාන සම්බන්ධයෙන් මතු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ මෙවැන්නක්,

“අපි පිතිකරණ ලයිස්තුව ගැන තීරණය කරන්නේ කණ්ඩායමේ සංයුතිය සහ කණ්ඩායමේ සමබරතාවය ආරක්ෂා කර කරගැනීම වෙනුවෙනුයි. පසුගිය ලෝක කුසලාන යෙදී කුසලානයේදී චරිත් අසලංක අංක තුන ස්ථානයේ හොඳින් පිතිකරණයේ දෙනවා. ඒ අනුව මා පෞද්ගලිකව අංක තුන ස්ථානයේ හිටි කරන යෙදීමට ආශාවක් දැක්වුවත් කණ්ඩායමේ සමබරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු වෙනස්කමක් සිදු කිරීමට අපිට අවශ්‍ය වුයේ නැහැ. කෙසේ වෙතත් අංක එක පිතිකරු සිට අංක පහ පිතිකරු යන ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදිමින් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීම මගේ වගකීමයි.”